අනතුරුදායක ලෙස යතුරුපැදි පැදවූ බවට අධිකරණයේ වරද පිළිත් යතුරුපැදි කරුවන් 32කට රුපියල් ලක්ෂ 7කට අධික දඬයක් පැනවීමට කැස්බෑව මහේස්ත්රාත් අධිකරණය කටයුතු කර තිබේ.
ජාලියගොඩ - කැස්බෑව විකල්ප මාර්යේ ඉතා අනතුරුදායක හා අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි පදවූ යතුරුපැදිකරුවන් 32ක් යතුරු පැදි 14ක් සමග පිළියන්දළ පොලීසිය මගින් පසුගිය 10දා අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අවුරුදු 19-30ත් අතර පසුවන පන්නිපිටිය, කොට්ටාව හා මොරටුමුල්ලේ පදිංචිකරුවෝ වූහ.
සැකකරුවන් 32 නාට අද දිනයේදී වෙන් වෙන් වශයෙන් චෝදනා ගොනු කර නඩු පැවැරීමේදී සැකකරුවන් වරද පිළිගෙන ඇත.
ඒ අනුව 15 දෙනෙක් සඳහා එක් අයෙකුට රුපියල් 24500 බැගින්ද, 13 දෙනෙකුට රුපියල් 21500 බැගින්ද, අනෙක් 4 දෙනාට රුපියල් 22500 බැගින්ද රුපියල් 737000ක දඬයක් පනවා තිබේ.