පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔරලෝසු කණුව කඩා බිද දමා ඉවත් කිරිමට විරෝධය පා යටිනුවර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් අද (21) කලුකොඩි දමා ඊට විරෝධය පෑය.
එහිදි අදහස් දැක්වු යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා පවසා සිටියේ දිවංගත ශ්‍රීමත් ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් 1992 දි ඇගලුම් කම්හලක් විවෘත කිරිමේ සිහිවටනයක් ලෙස මෙම ඔරලෝසු කණුව ස්ථාපිත බවයි.
වර්තමාන රජය විසින් සෞභාග්‍යයේ දැක්ම කියා මෙම සිහිවටනය ඉවත් කිරිමෙන් පිලිමතලාව නගරයේ මාර්ග තදබදය ඉවත් වෙනවා කියා මෙය ඉවත් කිරිම සුදුසු නැති බවත් මාර්ග තදබදය ඉවත් කිරිමට විකල්ප මාර්ගයක් සාදනවා වෙනුවට මාර්ගයේ පසෙකින් ඇති ඔරලෝසු කණුව ඉවත් කිරිමෙන් මාර්ග තදබදය නැති වනවා යන්න කියා මෙය ඉවත් කිරිම සුදුසු නැති බව චම්පික නිලන්ත මහතා පැවැසිය.
මේ සම්බන්ධව අදහස් දැක්වු කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා පවසා සිටියේ නගර සභාවේ සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය මෙම ඔරලෝසු කණුව ඉවත් කිරිම සදහා ලැබුණු බවත් මේ සම්බන්ධව සංවර්ධන කමිටුවේ අනුමැතිය පවා ලැබුණු බවත් පිලිමතලාව නගර සංවර්ධනයේදි ඉදිරියේදි මෙම ස්ථානයට කලර් ලයිට් ( මාර්ග විදුලි සංඥා ) දමා පදික වේදිකාවක්ද සකසා පිලිමතලාව නගරයේ මාර්ග තදබදය නවතා ලිම සදහා මෙම ඔරලෝසු කණුව ඉවත් කරනු ලබන බවද අමිල වේරගොඩ මහතා පැවැසිය.