මෙරට පැමිණ සිටින යුක්රේන සංචාරකයන් පිරිස අද (04දා) දින පොලොන්නරුවේ පුරා විද්‍යා සිද්ධස්ථාන දැක බලා ගැනීමේ සංචාරය අවලංගු කර ඇති බව සංචාරක අමාත්‍යාංශය විසින් දැනුම් දුන් බව පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාලය පවසයි.
සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට පැමිණි යුක්රේන සංචාරක පිරිස රජයේ මැදිහත්වීමෙන් පොලොන්නරු පුජා භූමිය සහ මින්නේරිය, කවුඩුල්ල ජාතික උද්‍යාන නැරඹීමට අද දිනය වෙන්කර තිබිණ.
නමුත් එම සංචාරයකයන් ඉකුත් දින යාල උද්‍යානය නැරඹීමට ගිය අවස්ථාවේ ඇති වූ තත්වයත් සමග සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් සංචාරක අමාත්‍යාංශය සමග කළ සාකච්ඡාවකින් පසුව ගත් තීරණයක් අනුව පොලොන්නරුව සංචාරය අවලංගු කර ඇති බව පොලොන්නරුව වනජීවී සහ සංස්කෘතික අරමුදල කාර්යාල පවසා සිටි.