යක්කල ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසකට විසක් ආඝ්‍රහනය වීමෙන් අද (10දා) සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරිණි.
එම සේවිකාවන්ට හිසරදය , ක්ලාන්තය , වමනය , ඇඟ කැසීම වැනි රෝග තත්ත්වයන් ඇති වීම මත මෙලෙස රෝහල් ගත කෙරුනු බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවැසීය.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් අධ්යක්ෂවරයා පැවැසීය.
තිලකරත්න දිසානායක