කිලිනොච්චි පොලිස් වසමේ, පරන්තන්, උමයාපුරම් ප්‍ර දේශයේදී පදිංචි පුද්ගලයෙකු පාළු ප්‍ර දේශයක තිබියදී සොයාගත් මෝටාර් ගිනි අවියක උණ්ඩයක් තම නිවසේදී ගයින්ඩරයකින් කැපීමට උත්සාහ කිරීමේදී එය පුපුරාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
එම කැපීම සිදුකළ 25 හැවැරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර උණ්ඩය පුපුරා යන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි වයස අවුරුදු 13ක ඔහුගේ බාල සොහොයුරාද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
නිවස පරීක්ෂා කිරීමේදී මේ ආකාරයට කැපීමට ගෙන ආ මෝටාර් උණ්ඩ ප්‍රමාණයක් සොයාගත් බවත් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.