පවත්නා වියළි කාලගුණයත් සමග මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ශීඝ්ර ලෙස පහත බැස තිබේ.
අක්කර අඩි එක්ලක්ෂ හැටපන්දහසක ජල ධාරිතාවක් දැරිය හැකි මොරගහකන්ද ජලාශයේ ජලය පහළ නිම්න වලට පසුගිය සමයේ නිකුත් කිරිම හේතුවෙන් මේ වන විට ජල මට්ටම පහත බැස තිබේ.
කෙසේ වෙතත් මේ වන විට පවත්නා ජලය ඉදිරි වගා කටයුතු සදහා ප්රමාණවත් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මොරගහකන්ද ජලාශ කාර්ය භාර ඉංජිනේරු පී.එස්.බණ්ඩාර මහතා කියා සිටියේය.
