මොණරාගල ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන මහා වර්ෂාව හේතුවෙන් මරගල කඳුවැටියේ කොළොන්වින්න බෑවුම නාය යාමේ තර්ජනයකට මුහුණපා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය මොණරාගල සහකාර අධ්‍යක්ෂක ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.
ඊයේ (18) සවස කොළොන්වින්න බෑවුමේ විශාල ගලක කොටසක් පහළට පෙරළී ඇති අතර මෙම තත්ත්වය මත කන්ද පාමුල පිහිටි මහගංගොඩ ගම්මානයේ පවුල් විස්සක් පමණ ඉවත් කිරීමට සිදුවී තිබේ.
දැනටමත් පවුල් අටකට අයත් පුද්ගලයින් විසි දෙනෙකු කොළොන්වින්න ගල්ගෙඩියාව විහාරස්ථානයට ගොස් ඇත.
ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ පිසූ ආහාර ලබාදීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නිලධාරීන් කැඳවා අදාල ප්‍රදේශය පිළිබඳව පරීක්ෂණයක් කොට ඉවත් කළ යුතු පවුල් සංඛ්‍යාව තීරණය කොට අවශ්‍ය පියවර ගන්නා බව සහකාර අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක