මොණරාගල බන්ධනාගාර රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමකින් රැඳවියෙක් මරුට?
මොණරාගල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා රෝහල් ගතකළ රැඳවියෙකු අද (03දා) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.
ගැටුමෙන් බන්ධනාගාර ජේලර්වරයකුද සුලු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ගැටුමෙන් මියගොස් ඇත්තේ අම්පාර 04 නවගම්පුර ලිපිනයේ පදිංචි යු.ජි. උපුල් නිලන්ත නොහොත් මැක්කා නැමති හතලිස් දෙහැවිරිදි පුද්ගලයෙකි.
මොහු විවිධ අපරාධ සමිබන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගත කළ අයෙකු බව අනාවරණය වී තිබේ.
බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද (03දා) පෙරවරුවේ ගැටුමක් ඇති වී ඇති අතර එහිදි මෙම රැදවියා තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇත.
අප මේ සම්බන්ධව විමසීමට මොණරාගල බන්ධනාගාර අධිකාරිවරයා සම්බන්ධකර ගැනීමට උත්සහ කළද එය අසාර්ථක විය.
කොසේ නමුත් අප මේ පිළිබඳව මොණරාගල බන්ධනාගාරයෙන් කළ විමසිමකදි එහි නිළධාරියකු පැවසුවේ මෙම රැඳවියා මිය ගියේ රැඳවියන් අතර ඇති වූ ගැටුමෙන් නොව සියදිවි නසා ගැනීම නිසා බවයි.
මොණරාගල නයනජීව බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
