පොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
පසුගිය යහපාලන පූට්ටු ආණ්ඩුව රට විනාශ කළ බවත් නැවත එවැනි විනාශයක් රටට ඇති කිරීමට ජනතාව සුදානම් නොමැති බවත් අවධාරණය කළ ඇමතිවරයා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් රට තුළ ස්ථාවර ආණුඩවක් පිහිටවිය යුතු බවයි.
මිනුවන්ගොඩ කළහුගොඩ ඊයේ (08) පැවති ජන හමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ,
“අපිට දේශපාලන අභියෝගයක් නෑ. අපි මේක කොහොමත් දිනනවා. අවශ්‍ය වෙන්නේ තුනෙන දෙකක බලයක් සහිතව දිනන්නයි. අද සජිත්ලා රනිල්ලා මරා ගන්නවා. යහපාලන ආණ්ඩුව කරන දේවල් ඒ අයගේ කට්ටියම කියනවා. මහබැංතු හොරු ළග තියාගෙන ඉන්නවා කියලා රනිල් සජිත්ටත්, සජිත් රනිල්ටත් එකිනෙකා චෝදනා කර ගන්නවා. පක්ෂය විකුණුවා රට විකුණුවා කියලා සජිත් රනිල්ට බනිනවා. රනිල් සජිත්ට බනිනවා. දෙගොල්ලොම එකතු වෙලා තමයි මහබැංකු හොරකම කරලා තියෙන්නේ. රනිල්ගෙයි, සජිත්ගෙයි කටමත දෙඩවීමෙන්ම ඒ අයගේ සැබෑ නිරුවත හෙළිවෙනවා. ගම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ කළකිරීමෙන්. ගමේ ජවිපෙ සාමාජිකයන් කලකිරිලා ඉන්නේ. මේ හැමෝම පොකුරු පිටින් පොහොට්ටුවට එකතු වෙනවා. මේ විදිහට පොහොට්ටුවට එජාප, ජවිපෙ සාමාජිකයන් එකතු වුණොත් අපිට තුනෙන් දෙකක් නෙමෙයි ඊට එහා ගිය බලයක් ලබා ගත හැකියි.
යහපාලන ආණ්ඩුව ජාතික ආණ්ඩුව නැමැති පූට්ටුව ගැහුවේ රට හදනවා යැයි කියලා. ඒත් යහපාලනය කළේ රට විනාශ කරපු එක විතරයි. පොහොට්ටු ආණ්ඩුව කවදාවත් පූට්ටු ආණ්ඩුව මේ රට විනාශ කළා. ඒ පුට්ටු ආණ්ඩුව හැදුවේ මෛත්‍රී. මෛත්‍රී පොදු අපේක්ෂකයා වුණු දවසේ ඉදන් ශ්‍රිලනිපය ශක්තිමත් කරන්න ශත පහක දෙයක් කරලා නෑ. බණ්ඩාරනායක මහත්තයයි, මැතිණියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාගත්තේ ඇස් දෙක වගේ. පංච මහා බලවේගය හදලා මේ පක්ෂය රැක්කා. මෛත්‍රී මොකද කළේ. ඔහු ජනාධිපති වෙලා ශ්රිලනිපෙයේ පංච මහා බලවේගය අරගෙන ගිහින් අලියාගේ නැට්ටෙ එල්ලුවා. අපි ඒකට විරුද්ධ වුණා. අපිව එළියට දාලා ගොඩයියෝ ටික දැම්මා එතනට. ශ්‍රිලනිපය අලියාගේ නැට්ට එල්ලුවාට පස්සේ යන මං නැතිව හිටපු ශ්‍රී ලංකාකාරයෝ ටික තමයි මේ පොහොට්ටුව හැදුවේ. අද පොහොට්ටුව ශක්තිමත් දේශපාලන පක්ෂය බවට පත්වෙලා ඉවරයි.
