මේ රටේ පළමු හා දෙවන පුරවැසියන් කියා කොටස් නෑ
මෙරට පළමු හා දෙවන පුරවැසියන් කියා දෙකොටසක් නොමැති බවත් අතිශය ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් ලෙස වතුකරයේ ජීවත්වන වතුකම්කරු ජනතාව මෙරටේ දෙවන පුරවැසියන් නොවන බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පැවැසීය.
පුඬළුඔය නගරයේදී ඒ මහතා (28) එසේ කීය. එහෙදී තවදුරටත් අදහස් දැක්වු නාලක ගොඩහේවා,
මේ දවස්වල රටේ විශාල ප්‍රශ්ණයක් වී ඇත්තේ ඩයගම දැරියගේ සිද්ධියයි. අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් රටේ ප්‍රබල දේශපාලඥයෙකුගේ නිවසේදී දුෂණයට ලක්ව ගිණි ගෙන මිය යනවා. අපිට මේක සුළු කොට තකන්න පුළුවන්ද. අපි ඒක හෙලා දැකිය යුතුයි. ඊට විරුද්ධව නීතිමය වශයෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. ශ්‍රී ලංකා භූමිය තුල ඉපදුනු සෑම අයෙකුටම මේ රටේ ජීවත්වීමේ අයිතිය තිබෙනවා.
රටේ සෑම පුරවැසියෙකුටම අයිතිවාසිකමක් තියෙනවා මේ රටේ සංවර්ධනයේ කොටස්කරුවෙකු වන්න. ඒක මහ නගරවලට සීමා වෙන්න බැහැ. ප්‍රධාන දිස්ත්‍රික්කවලට සීමා වෙන්න බැහැ. මුළු රටටම එක හා සමානව සලකා හැම ප්රදේශයක්ම දියුණු කරන්න අවශ්‍යයි. ඒ වගේම සෑම ප්‍රදේශයකම ඉපදුනු ජනතාවට අප එක හා සමානව සලකන්න ඔීනෑ. ඒක තමා අපේ රජයේ ප්‍රතිපත්තිය.
ශාන් හුලංනුගේ
popular news
-
Deepal Nirosh Wednesday, 28 July 2021 08:13 PM
ඔව් ඔව් ඇමතිතුමා හරි, රටේ පළමු හා දෙවන කියා පුරවැසි කාණ්ඩ දෙකක් නැහැ. ඇත්තේ සුපිරි කාණ්ඩය හා දරිද්‍ර කාණ්ඩයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

