මේ මොහොතේ අපිව තනි කළොත් අපේක්ෂිත අරමුණට යාම දුෂ්කරයි
පොහොට්ටුව මේ මොහොතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනි කළොත් අපේක්ෂිත අරමුණට ළගාවීම දුෂ්කර වන බවත් අපේ අරමුණ විය යුත්තේ මේ මැතිවරණයේදි ශක්තිමත් පාර්ලිමේන්තුවක් සැදීම බවත් දකුණු පළාත් හිටපු අමාත්‍ය හා ගාලු දිසාවෙන් මෙවර පොහොට්ටුවෙන් තරග වදින ෂාන් විජයලාල් මහතා පවසයි.
අද (16) වතුගෙදර පැවති ජනහමුවකදි ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් කතා කල විජයලාල් මහතා ,
අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබාදීමයි. පොහෝට්ටුවේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පොදු අරමුණ විය යුත්තේ එයයි. එහෙත් අපිට පේනවා පොහෝට්ටුවේ සමහර අය අපේ මේ පොදු අරමුණ අමතක කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිවත් තනිකොට හුදකලා ගමනක් යන්න දගලන බව. මේ තනිව යන්න හදන ගමනේදී මහා මැතිවරණයේ අවසාන ප්‍රතිපලය වන්නේ අපේ පොදු අරමුණ අපෙන් ඇත්වීමයි.
පොහෝට්ටුවේ සමහර අය මේ මැතිවරණ සටන යොදාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිව පරද්දන්න. අපිව පරද්දන්න හදනවා කියන්නේ පොහෝට්ටුවට
ලැබෙන මනාප සංඛ්‍යාව අඩුවෙනවයි කියන එකයි. ඒ කියන්නේ පොහෝට්ටුවෙන් පත්වෙන මන්ත්‍රී සංඛ්‍යාව අඩුවෙනවයි කියන එකයි. පොහෝට්ටුවෙන් මන්ත්‍රී සංඛ්‍යාව අඩු වුණොත් කොහොමද ශක්තිමත් පාර්ලිමෙන්තුවක් හදන්නේ. ඒ නිසා අපි දෙගොල්ලෝම කරන්න ඕන අපේ විරුද්ධ පක්ෂයේ අයට වඩා මන්ත්‍රි ආසන වැඩි කර ගැනීමයි. පොහෝට්ටුවේ ඇතැම් අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට ඡන්දය දෙන්න එපා කියන්නේ විපක්ෂය ශක්තිමත් කිරීමට දැයි කියන දැන් සාධාරණ සැකය අපිට තියෙනවා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ මහතාගේ ඉදිරි දැක්ම නිවැරදි ආකාරයට ගෙනයාමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදීම සදහා යන මේ ගමනේදී පොහෝට්ටුවේ පොදු සතුරා විය යුත්තේ පොහොට්ටුවෙන් තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි නෙමෙයි. විරුද්ධ පක්ෂයේ අයයි. පොහෝට්ටුව ඇතැම් අය මේ අරමුණෙන් බැහැරව වැඩ කලොත් අපේ අපේක්ෂිත දුෂ්කර කාර්යයක් වීමට පුලුවන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම ජන පදනම් හදා ගත්තේ අද ඊයේ නොවේ. මම හොදට වැඩකරලා පෙන්නපු කෙනෙක්. ඒ වගේම හොදට වැඩ කරන්න පුලුවන් කෙනෙක්. දකුණු පළාත් සභාවේ කෙනෙකුට යායුතු ඉහලම තැනට ගිය මට ඒ වගේම දකුණු පළාත් සභා මහ ඇමතිව තෙවැනි වරක් සිට මුලු දකුණටම වැඩක් කර ඇති මට මේ ඡන්දය දිනනවා කියන එක ඉතාම සුලු දෙයක්.
කරන්දෙණිය - සුසිල් ප්‍රියන්ත

popular news
-
Nihal Thursday, 16 July 2020 12:32 PM
ඔබලාගේ පක්ෂය දැනටමත් තනිවී හමාරයි මහත්තයෝ.
Reply : 0 0
Kumar Thursday, 16 July 2020 07:30 PM
I am sure you have done well for yourself. That wall behind you with globe light proves it. Just imagine how much power consumed for lighting your property wall every day. Only a few can afford it.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
