මෙවර මැතිවරණය අපිට වාසිදායකයි - ජොන්ස්ටන්
අවුරුදු පහක් යන්න ඉස්සෙල්ලා කෑලි කෑලි වලට කැඩිලා බෙදිලා කුලල් කාගන්න තැනට වැටිලා දේව සාපයක් වගේ ඔවුන් අද විනාශ වෙලා යනවා යයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පොල්ගහවෙල අද (23) දා පැවති ජන හමුවක් අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මෙවර මැතිවරණය අපිට වාසිදායකයි. මුළු විපක්ෂයම සුනු විසුණු වෙලා කැඩිලා ගිහිල්ලා ඔය විපක්ෂය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයට පහර දුන්නේ ඔය විපක්ෂයම තමයි එකතුවෙලා ඒ කාලයේ හංසයාව ජයග්‍රහණය කළේ මහින්ද මහත්තය පරාද කරලා විතරක් නෙවෙයි අපහාසත් කළා . විපක්ෂයේ අය අවුරුදු හතර හමාරයි ආණ්ඩු කළේ ඔක්කොම සුනු විසුණු වෙලා ගියා.
අවුරුදු පහක් යන්න ඉස්සෙල්ලා කෑලි කෑලි වලට කැඩිලා බෙදිලා කුලල් කාගන්න තැනට වැටිලා දේව සාපයක් වගේ එවුන් අද විනාශ වෙලා යනවා. ඒ නිසා අපිට ලේසියි මෙදා මැතිවරණයට මුහුණ දෙන්න .
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි වාසනාවන්ත පිරිසක්. මොකද මහින්ද මහත්තයා මෙහෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන එක. ඔබතුමා ආපු නිසා යාන්තම් ගියවර පැරදුණේ නැහැ. ඒ නිසා අපිට ඔබතුමා ශක්තියක්. හැබැයි 2015 වගේ අදටත් යටින් විසබීජ යනවා. මහින්ද මහත්තයට ඇතිවෙන්න ඡන්ද තියෙනවා. ඒ නිසා මහින්ද මහත්තයට ඡන්දය දෙන්න ඕනේ නැහැ. යටින් විසබීජ අරන් යන අයත් ඉන්නවා.
අලව්ව -අධිකාරි මුදියන්සේ

popular news
-
Don Tuesday, 23 June 2020 10:46 PM
The people who ruined parliament also given place as candidates for 2020 elections? Do people vote for these bastards?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
