මෙරට විශාලතම කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන කටුනායකදි
ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කළ විශාලතම කොරෝනා මර්දන වැඩසටහන අද දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ශ්‍රී ලංකා යුධ හමුදා සෞඛ්‍ය බළකාය විසින් ක්‍රියාත්මක කරමින් , එක් දිනක් තුළ එක් ස්ථානයකදී ලබා දුන් වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය වන , එන්නත් මාත්‍රා 10,700 ක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් වෙත ලබා දුන් බව කටුනායක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රකාශකවරයෙකු පැවසීය .
මෙම එන්නත්කරණ වැඩසටහන සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් භාවිතා කර තිබුණි .
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි අයි.සී.එල්. , ස්මාර්ට් ෂර්ට්ස් , ඒ.ටී.ජී. සහ යූ.ටී.පී. යන කර්මාන්තශාලා පරිශ්‍රයන් තුළ දී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි .
එහිදී කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන වයස අවුරුදු 18 ට වැඩි සේවකයින් සදහා මෙම එන්නත් ලබා දීම සිදු කෙරුණි .
එමෙන්ම අද දින කටුනායක ප්‍රදේශය තුළින් කොරෝනා ආසාදිතයන් 66 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ නලීන් ආරියරත්න මහතා පැවසීය .
ඒ අතර කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු වාර්තා වී තිබේ .
ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 3,125 දෙනෙකු වාර්තා වී සිටිති .
එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ද අද දින තවත් කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වී සිටිති .
ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 69 ක සේවය කරන සේවකයින් 2,678 දෙනෙකු මේ දක්වා මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී සිටිති .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

