ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු 701-එස් කාණ්ඩයේ මෙම අනු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ AY28 ලෙසින්ය.
ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා අනු ප්‍රභේදය බී-එක 617 දෙක විසි අට ලෙසින් හැඳින්වෙයි.
ශ්‍රී ලංකාව තුළ දැන් 95% කට වැඩි ප්‍රතිශතයක් පැතිර ඇත්තේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බව සාම්පල පරීක්ෂණ මගින් අනාවරණ වී ඇත.