මහනුවර වෙළෙඳ සංගමයක් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය ආයතනයකට කූඨ ලේඛන ලබාදී රුපියල් කෝටි 02 ක මුදලක් ලබාගෙන එම මුදල් නොගෙවා පැහැර හැරිය බව කියන ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
වාහන ආනයනය කිරීමේ ආයතනයකට යැයි පවසමින් එම එම මුදල් සැකකාර ව්‍යාපාරිකයා විසින් ලබා ගෙන ඇති අතර ඒ සඳහා වාහන වලට අදාල ලියකියවිලි කිහිපයක් ඇපයට තබා තිබෙන අතර සැකකරු ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම ලියකියවිලි පිළිබඳව සොයා බැලීමේදී එම එම ලියකියවිලි ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබේ.
එම ලියකියවිලි අදාළ මූල්‍ය ආයතනය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර එහිදී කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම ලියකියවිලි ව්‍යාජ ඒවා බවයි. සැකකරු හෙට (12) මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.