මුළු මැතිවරණ ඉතිහාසයම උඩුයටිකුරු කළා - ඩලස්
ඉදිරි මාස කිපය තුල මැතිවරණ ක්රමයේ වෙනසක් ජනපතිවරයා සිදුකල යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය .
මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයන් වෙත ස්තුතිය පිරිනැමිම සදහා ඊයේ (8) මාතර , වැලිගම නගරයේ පැවති ජන හමුවේදි හෙතෙම මෙසේ පැවසිය .
එහිදි අදහස් පලකල ඒ මහතා ,
‘‘මේ මැතිවරණ ක්‍රමය ඇතුලේ ගොඩක් දේවල් වෙයි . හැබැයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට භාරදෙමු මේ මැතිවරණ ක්රමයේ ඉරණම තින්දු කරන්න . වසර 32 ක් මේ තියෙන මනාප මැතිවරණ ක්‍රමය දුෂ්ඨ , වෛරකාරි , වේදනාකාරි , නාස්තිකාර , මැතිවරණ ක්රමයේ ඉරණම තින්දු කරන්න ගෝඨාභය මහත්තයට භාරදෙමු . එතුමා පාර්ලිමේන්තුවේ පළමු මාස කිපය තුල එය විසදයි . මම විස්වාස කරනවා ඔබ සියලූ දෙනා එදා ජන්දපොළට ගියේ මනාප මැතිවරණ ක්රමයේ අවසාන මැතිවරණයටයි කියලා . අපි මේ මැතිවරණ ව්‍යාපාරයේ මනාප ගැන කතා කළේ නැහැ . අපි කතා කළේ ගෝඨාභය මහත්තයට තුනෙන් දෙකක බලයක් දෙන්න කියලා ඉල්ලුවේ . මු ලූ මැතිවරණ ඉතිහාසයම උඩුයටිකුරු කළා .
එජාපයේ දස ලක්ෂයකට අධික පිරිසක් , ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් , ගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය මහත්තයා විශ්වාස නොකරපු පිරිසක් මේ මැතිවරණයේදි ගෝඨාභය මහත්තයා විශ්වාස කරලා ජන්දය දිලා තියෙනවා . ඒ අපි විශ්වාස කරලා නෙමෙයි , පොහොට්ටුව විශ්වාස කරගෙන නෙමෙයි , වෙන හේතුවක් නොවෙන්න පුලූවන් . ඒ ගෝඨාභය මහත්තයගේ ශිලාචාරකම , ආදර්ශය , විශ්වාස කරගෙන 38 ලක්ෂයක් ජන්දය පාවිචිචි කරලා තියෙනවා . ඒ නිසා මේ තුනෙන් දෙකක බලය දෙන්නේ අපේ කටිටිය විතරක් නෙමෙයි කියන එක මතක තියාගන්න ඔ්න” යැයි පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

