මුලතිව් මනර්කුඩිඉරිප්පු මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනා මෙතෙක් හමු නොවීම නිසා එම ධීවරයින් සොයා ධීවරයින් 19 දෙනෙකු ධීවර යාත්රා 15 කින් සෙවීමේ කටයුතු අද (22) දිනයේදීත් ක්රියාත්මක බවට මුලතිව් ධීවරයින් පවසති.
අතුරුදහන් වූ ධීවරයින් පසුගිය 19 දා අලුයම මනර්කුඩිඉරිප්පු මුහුදු සීමාවෙන් මුහුදු ගමන් ගොස් ඇතත් මේ වනතුරුත් නොපැමිණීම හේතුවෙන් මුලතිව් ධීවරයින් විසින් මුහුදු ගමන් නොයා අදාල ධීවරයින් දෙදෙනා සොයා මුහුදට ගොස් ඇත.
මේ පිළිබඳව මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයට හා නාවික හමුදාවට දැනුම් දීමට පියවර ගෙන ඇති බවටත් කෙසේ හෝ අදාල ධීවරයින් සොයා ගැනීමට තමන්ට සහය ලබා දෙන ලෙසට මුලතිව් ධීවරයින් ඉල්ලා සිටිති.
මුලතිව් මුහුදේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අදාල ධීවරයින් දෙදෙනා ගමන්ගත් යාත්රාව අනතුරකට ලක්වී අතරමං වී ඇති බවට මුලතිව් ධීවරයින් සැක පල කර සිටියි.
