මුලතිව් ගුරුකන්ද විහාරයේ දායකයෙකු හදිසියේ මිය යයි
මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නැවතී සිටමින් පන්සල රැක බලාගත් දායකයෙකු හදීසියේම මිය යාම හේතුවෙන් මරණය සැක සහිත බවට ඥාතීන් ප්‍රකාශ කිරම නිසා අද (08දා) දින රස පරීක්ෂක වාර්තාවක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව මුලතිව් පොලීසිය පවසයි.
වැලිඔය ජනකපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නිමල් නැමති පුද්ගලයා මීට පෙර අපවත්වී වදාල ගුරකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ප්‍රධාන උපස්ථායක වශයෙන් කටයුතු කොට ඇත.
කෙසේ වෙතත් පන්සලේ ආවතේව කටයුතු කරමින් සිටි මොහු ආවාස ගෙයි ඉදිරිපස ඊයේ (07දා) උදෑසන මිය ගොස් සිටියදී හමු වී ඇති අතර හෘදයාබාදයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කරයි.
ඥාතීන් විසින් මරණය සැක සහිත බවට ප්‍රකාශ කිරීමෙන් පසුව මුලතිව් මහරෝහලේදී මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

popular news
-
Champa Wednesday, 08 April 2020 06:05 PM
අර දෙමල දේශපාලකයෝ ප්‍රශ්න ඇති කරපු කාලේ පන්සල බලා ගත්තේ මේ දායකයාද? එහෙනම් මෙයාට පහර දීලත් තිබුන ඒ දවස්වල පනසලෙන් එලවන්න. ඊට පස්සේ පන්සලේ CCTV කැමරා හයි කළා ආරක්ෂාවට. ඒ හින්ද අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ එක්කම දැන් පන්සලේ කවුරුවත් නැත්නම් මේ පන්සලට හමුදා ආරක්ෂාව දෙන්න ඕනේ. පොලිසිය ප්‍රශ්න තිබ්බ කාලෙත් පන්සලට හරි සහයෝගයක් දුන්නේ නැහැ. ගුරුකන්ද පන්සල අවුරුදු දහස් ගානක් පරණ පන්සලක්. හමුදා ආරක්ෂාව දීල පන්සල බලා ගත්තේ නැත්නම් මේ පන්සල තව ටික දවසක් යනකොට බිමට සමතලා කරලා තියෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

