මීගමුව - පානදුර ධීවර කටයුතු කඩිනම් කරන්න
අනතුරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා ධීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවරයන්ට එම මුහුදු කලාපය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් වීවෘත කර දෙන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පරිසර,ධීවර,ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කිරීමත් අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීම සහ නෞකාව එම ස්ථානයෙන් ඉවත්කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය.
අදාළ නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.
කොවිඩ් වසංගත තත්ත්වය සමඟාමීව අඩු ආදායම් ලාභීන් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාව නෞකාව හේතුවෙන් අගතියටපත් ධීවර ප්‍රජාව සඳහා ද ලබන සදුදා සිට ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
popular news
-
Sambo Saturday, 12 June 2021 03:35 PM
Obey wachanayata owe Kadinam wenne natha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

