දිවයින පුරා පිහිටි රෝහල් වල මී උණ (Leptospirosis) රෝගීන්ගේ සංඛ්‍යාවේ ක්ෂණික වැඩිවීමක් දක්නට ඇති බව ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක වල මෙම තත්වය විශේෂයෙන්ම දැකිය හැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
පවත්නා වාතාවරණය යටතේ අනෙකුත් ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදුවීම,සුපුරුදු රැකියාව ලෙස කෘෂිකාර්මික කටයුතුවල නිරතනොවු පිරිස්ද එම කටයුතු වල නිරත වීම, කුඹුරු අස්වැද්දීමේ කටයුතු ද ආරම්භවීම,වැසි සහිත කාලගුණික තත්වය ආරම්භවීම මේ සඳහා බලපාන ප්‍රධාන කාරණා බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
මී උණ හෙවත් Leptospirosis රෝග කාරකය මියන්ගේ සහ අනෙකුත් ක්ෂීරපායි සතුන්ගේ මුත්‍රා මගින් පරිසරයට මුදා හැරෙන අතර එසේ අපවිත්‍ර වූ ජලජ පරිසරය හා ගැටෙන පුද්ගලයින්ගේ සමේ ඇති තුවාල මගින් රෝගකාරක ශරීර ගතවීම සිදුවන බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
තද උණ, අධික මස්පිඩු වේදනාව, හිස කැක්කුම, බඩේ කැක්කුම මුත්‍රා පිටවීම අඩුවීම හා ඇස් කහ වීම යනාදිය මී උණ රෝග ලක්ෂණ බව පවසන කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මි උණ වැළදි ඇත්නම් වහාම සුදුසු කම් ලත් වෛද්‍යවරයකු හමු වීම හෝ ළඟම ඇති රෝහලකට පැමිණීම කළයුතුව ඇති බවද පෙන්වා දෙයි
මීයන් ගැවසෙන මඩ සහිත පරිසරයක යම් කාර්යයක යෙදීමේදී හැකි හැමවිටකදීම පා වැසෙන ආවරණයක් (උදා බූට්ස් ) පැළදීම,පාදවල කැපීම්, සීරීම් තිබේනම් මඩ සහිත පරිසරයක වැඩ කිරීමෙන් වැළකීම, මි උණ රෝගයෙන් වැළකීමට සතිපතා ගතයුතු Doxycycline නැමති ඖෂධය, ළගම ඇති ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ වෙනත් ඕනෑම වෛද්යවරයකුන්ගෙන් ලබාගැනීම කළයුතු අතර රෝග ලක්ෂණ ඇතිවූ විගස වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවිය යුතු බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මෙයට අමතරව ඩෙංගු රෝගය ද ඉදිරි සති කිහිපය ඇතුළත වසංගතයක් ලෙස නැවත හිස එසවිය හැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගත උවදුර තිබුනද දිවයින පුරා පිහිටි සෑම රෝහලකම ඉහත රෝග සදහා සුපුරුදු පරිදි ප්‍රතිකාර ලබාදෙන අතර, එසේ පැමිණෙන කිසිදු රෝගියකු කිසිම ආකාරයකින් කොරෝන යැයි සැක සහිත රෝගීන්ට නිරාවරණය වීම වැලක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
බැවින් ඔබ සැම කොරෝනා රෝගය මැඩලීමට ලබා දෙන සහය එලෙසම ලබා දෙමින් ඉහත කරුණු කෙරෙහිද අවධානය යොමු කළහොත් ශ්‍රී ලංකාව සෞඛ්‍යමය වශයෙන් වඩාත් සුරක්ෂිත දේශයක් බවට පත් කල හැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
