මිනුවන්ගොඩට සහ දිවුලපිටියට ඇඳිරි නීතිය
(UPDATE)
දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට යයි
ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් වාර්තාවීමත් සමගින් දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍ර දේශ කිහිපයකට සංචරණ සීමා පනවා තිබේ.
මෙම ප්‍රදේශ ඉදිරියේදී හුදෙකලා කිරිමටද අවධානය යොමුව ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
දිවුලපිටිය, බෙම්මුල්ල, හොරගස්මුල්ල, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර, ගන්හින්මුල්ල යන ප්‍රෙදේශවලට මෙසේ සංචරණ සීමා පනවා තිබේ.
දිවුලපිටියට හා මිනුවන්ගොඩට ඇඳිරි නීතිය
දිවුලපිටිය ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පනවා ඇති බවට පොලීසිය සඳහන් කර සිටියි.
ඒ අනුව එම ප්‍ර දේශවලට කිසිවෙකුටත් ඇතුළුවිය නොහැකි අතර එම ප්‍ර දේශවලින් කිසිවෙකුටත් පිටවීමටද අවස්ථාව නොලැබේ.
එසේම එම ප්‍ර දේශහරහා ගමන් කිරීමටද අවස්ථාව නොලැබේ.

-
Gamarala Sunday, 04 October 2020 10:56 AM
Love to gear this. Good lessons to our mari moda mongel people. Now will see the danger and fear of death. ☺
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

