අගෝස්තු මස පස් වනදා පැවැත්විමට නියමිත මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ඡාත්‍යන්තර නිරීක්ෂකයින් එනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ තව සති දෙකකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අද (21) වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහනුවර සහ අවට දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද දේශප්‍රිය මහතා ,
මැතිවරණ නීති බලාත්මක කරන්නේ කොහොමද කියලා මහනුවර සහ අවට දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. මැතිවරණ නීති බලාත්මක කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා. මේ මැතිවරණවල තියෙන ලොකුම ප්රශ්නය තමයි සංග්‍රහ කිරීම. නොයෙකුත් දේවල් බෙදා හැරීම. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම , අනවසර පෝස්ටර් සහ කටවුට් යනාදිය. මේවා පාලනය කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා යැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තවදුරටත් කීය.
ප්‍රශ්නයකට පිළිතුරුදුන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නිරීක්ෂකයින් එනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ තව සුමාන දෙකකින් පස්සේ බවයි.
