මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකෙන්, දිස්ත්‍රික්ක දහසයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර, මැතිවරණ කොමිෂමට භාරදී තිබෙන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව ත්‍රිකුණාමලය, මහනුවර දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම අද (26දා) දිනය වනවිට අවසන් කිරීමට හැකිවන බවද මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.
ගම්පහ, කළුතර, කුරුණෑගල කොළඹ දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සිදුකරමින් තිබෙන බවත්, එම දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා ලබන සතිය තුළදී මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.