මැකෝටත් එජාපයටත් ඡන්දය කල්දාන්න තිබූ අවසන් අවස්ථාවත් නැති වුණා - නාමල්
මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගිය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,
අපි සතුටු වෙනවා සියලු පාර්ශවයන්හි කරුණු විමසා බලා මේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කරන්න මේ අවස්ථාවේදී අධිකරණය මැදිහත් වී තිබෙනවා. මැතිවරණ කොමිසම බොහෝ වේලාවට උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරන්නයි. එක්සත් ජාතික පක්ෂයේ සාමය ඇති වෙනකල් මැතිවරණය කල් දාන්නයි. එක්සත් ජාතික පක්ෂයේ අයට ඕනෑ විදියට නාමයෝජනා හදන්න මැතිවරණය කල් දාන්නයි. මේක තමයි අපි දැකපු දේ.
මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගියා. අපි සතුටු වෙනවා මේ රටේ ජනතාවට පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් දැන් තෝරා පත්කරන්න. ජනතාවට අවශ්‍ය මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදය විසඳගන්න එක්සත් ජාතික පක්ෂය දැනගන්න ඕනෑ. අපිට ඇඟිල්ල දික් කලාට වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කුණුගොඩවල් හොයන්න අපිට වෙලාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ විනාශ වීමට සජිත් ප්‍රේමදාස මහත්තයා වගකියන්න ඕනෑ. නායකත්වයට විරුද්ධව ගිහින් නායකත්වයත් එක්ක හැප්පිලා පක්ෂය විතරක් නෙවෙයි දිස්ත්‍රීක්කයේ ජනතාවත් පාවා දීලා තමයි දිස්ත්‍රීක්කය අත්හැරලා යන්න ගියේ යැයිද පැවසීය.
අනිෂා මානගේ

popular news
-
Deepal Nirosh Wednesday, 03 June 2020 03:32 PM
අනේ නාමල් බබා කට විතරක් ඉස්සර කර ගන්න ඒපා. ඒයාටයි මටයි ශ්‍රී ලංකා දේශපාලනයේ ඉගෙන ගන්න තව බොහෝ දේවල් තිබෙනවා.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

