මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ අනුපාතය ඉහළ ගොස් උපත් අනුපාතය විශාල වශයෙන් පහළ වැටී තිබීම නිසා දිස්ත්‍රික්කය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් එස් .එම්. ජී.කේ . පෙරේරා මහතා පැවසීය.
2007 වසරේ සිට 2019 වසර දක්වා දිස්ත්‍රික්කය පුරා කර ඇති සංගණන වාර්තා පරිශීලනය කිරීමෙන් පසුව මෙම නවතම තොරතුරු අනාවරණය වී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව 2007 වසරේ මරණ අනුපාතය සියයට 5.4 ක පැවති බවත් 2018, 2019 වසර වෙද්දී එය සියයට 6.6 ක වර්ධනයක් වී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම 2007 වසරේ දළ උපත් අනුපාතය සියයට 20.1 ක පැවති බවත් එය 2019, 2020, වන විට සියයට 14.9 දක්වා අඩු වීම බරපතල ප්‍රශ්නයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය පිළිබඳව මාතලේ බුද්ධිමත් ජනතාව ස්වෙච්ඡා සංවිධාන සහ ආගමික නායකයින් දේශපාලන නායකයින් සියලු වාද බේද දුර හැර මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා හෝ මෙම තත්ත්වයෙන් මිදීම සඳහා ඉදිරි වසර 10 බලාගෙන ක්‍රියා කළහොත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි බවත් එසේ නොවන්නේ නම් මාතලේ දිස්ත්‍රික්කයේ ජනගහනය ද බරපතළ හානියක් සිදුවන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ මරණ අනුපාතය මෙතරම් ඉහළ යෑම සඳහා සෘජුවම බලපා ඇත්තේ කුමක්දැයි යන්න සෞඛ්‍ය අංශ වහාම පරීක්ෂා කළ යුතු අවස්ථාවක් බවද පෙන්වාදුන්නේය. මරණ අනුපාතය සියයට 6.6 ක ප්‍රතිශතයක් ලබා ගැනීම විශාල වශයෙන් මරණ අනුපාතය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යෑමේ අවදානම වැඩි වීම පෙන්නුම් කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.