මාතර නගරයේ රත්රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියට ඍජුවම සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සිද්ධියට ඍජුවම සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවේ පසුවන බවත්, මීට අමතරව එක් සැකකරුවෙකු වෙඩි වැදීමෙන් මියගොස් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
සැකකරුවන්ට රැකවරණය සැපයීම නීති මගින් දඬුවම් ලැබෙන වරදක් බවත්, මේ නිසා සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු හා සිද්ධියට සම්බන්ධ බවට සැකපිට හබරකඩ වසන්තගේ මව, බිරිඳ, පියා සහ කොල්ලකෑ රත්රන් භාණ්ඩ සඟවා තිබූ නිවසේ දෙදෙනෙකුද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොල්ලයේ සැකකරුවන් තලගල නිවසක මාස 04ක් ඉඳලා
