මා මිය ගිය පසු මීට වඩා මා ගැන කතා කරාවි - මෛත්‍රී
තමන්ට අද බනින අය තව අවුරුදු 25 කට පස්සේ තමන් මියගිය පසු මීට වැඩිය තමන් ගැන කථා කරාවි යැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (16) උදෑසන මැදිරිගිරිය දහම් වැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.
මොරගහකන්ද ව්‍යාපාරය ආරම්භ කිරීම සහ මැදිරිගිරිය බිසෝපුර නව ජනපද ආරම්භ කිරීම පිළිබඳව තව අවුරුදු 25කින් පමණ කතා කිරීමට හැකිවනු ඇතැයි මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
අද මේ රටේ ජනතාව ඩී එස් සේනානායක මහතා ගැන කතා කරනවා. ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරපු ඒ ජනපද ව්‍යාපාරයේ පියා හැටියට, පොළොන්නරුවෙ මහා සංවර්ධනයකට උරදුන් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවේ, මැදිරිගිරි ව්‍යාපාරය සංවර්ධනය කරපු විශේෂයෙන්ම සී පී ද සිල්වා මහත්තය ගැන පොළොන්නරු ජනතාව කතා කරනවා . මොරගහකන්ද ව්‍යාපාරය හදලා පොළොන්නරුව සංවර්ධනය කරලා නව අතට හරවල මේ බිසෝපුර අලුතින් ජනපදය ඇති කරල තමුන්නාන්සේලා පදිංචි කරපු මේ මම ගැන තව අවුරුදු 25කින් කතා කරයි මීට වැඩිය කතා කරයි. මම මැරිච්ච දවසක කතා කරයි මීට වැඩිය මම දන්නවා එක.
අද මට බනින මිනිස්සු මම ගැන මීට වැඩිය කතා කරයි. මම ගැන පොත් ලියයි. මම ගැන ලිපි ලේඛන ලියයි. මම ගැන හුඟක් දේවල් කතා කරයි. මම මිනිස්සුන්ට ආදරේ කරපු මිනිහෙක්. මම මිනිස්සුන්ට ආදරේ කරන මිනිහෙක්. මම දූෂණයට වංචාවට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති මිනිහෙක්. මම අහිංසක දුප්පතා වෙනුවෙන් වැඩ කරපු මිනිහෙක්. මෙතන ලංකාපුර මැදිරිගිරිය ජනතාව ඉන්නවා අද ලංකාවෙ වකුගඩු රෝගීන් කීදෙනෙක් ඉන්නවද, අහිංසක වකුගඩු රෝගීන් වෙනුවෙන් මම තරම් කිසිම කෙනෙක් වෙන සේවයක් කරලා නෑ.
මේ රටේ,2015 ජනාධිපතිවරණයේ දී මට කෝටි ගාණක් හම්බුනා මගේ මැතිවරණ අරමුදලට. මට ඒවා සාක්කුවට දා ගන්න තිබුණා පොල්වතු තේවතු ගන්න තිබුණා මගේ ළමයින්ට ගෙවල් දොරවල් හදලා දෙන්න තිබුණා. මං ඒ වගේ මොනවද කෙරුවෙ ගිහිල්ලා බලන්න අනුරාධපුර ඉස්පිරිතාලෙට. ආණ්ඩුවේ කිසිම සතයක් නෑ මට හම්බවෙන මැතිවරණ සල්ලි තට්ටු 4 million 400 යි කෝටි 400 ගිහිල්ලා බලන්න. යන්න අනුරාධපුරේ ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලන්න යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

popular news
-
Dayan Thursday, 16 July 2020 05:02 PM
Is it your gost will imerge after death?
Reply : 0 0
Champa Thursday, 16 July 2020 08:10 PM
2015 ඔබට ජාත්‍යන්තරයෙන් එන්ජීඕ නඩ වලින් දෙමල ඩියස්පෝරාවෙන් මුදල් ලැබුනේ රට පාවා දෙන්න බව ජනතාවට අමතක නැහැ. ඔබ ජාත්‍යන්තරයෙන් එදා ගත්ත කොන්ත්‍රාත්තුව හින්දා මුළු සිංහල බෞද්ධ ජන සමාජයම විනාශ වුනා. 2015ට පෙර ගම්වල දරුවන් උස මහත් වුනු කාන්තාවන් ගියේ පන්සලට. ඔබයි රනිලුයි එකතු වෙලා කරපු විනාශය හින්ද අද දරුවන් මව අතින්ම මැරුම් කනවා. නැත්නම් දරුවන් අතෑරලා සොර සැමියන් සොයා යනව. 2015 ඔබ කතා කල ද්වේශ සහගත විලාශය රටට අමතක නැහැ. ජාත්‍යන්තරයට ඕනේ වුනේ මහින්දව ඝාතනය කරන්න සිවිල් කලකෝලාහලයකින්. නමුත් නිර්මල බුදු දහම පවතින මේ ලක් දෙරණ, රට ත්රස්තවාදීන්ගෙන් බේරා ගත්ත මහින්දට එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඊළඟට මහින්දව හිරේ දමා එතැනදී ඝාතනය කරන්න බැලුව. නමුත් මුළු රටම මහින්ද වෙනුවෙන් නැගිට්ට නිසා එතුමා අදටත් ජීවත් වෙනවා. ඔබ 2017 දී ACSA ගිවිසුම අවුරුදු 10කින් දීර්ඝ කළා. ඔබේ කාලය අවුරුද්දකින් අඩු නොවෙන්න ඔබ රනිල් එක්ක එකතු වෙලා MCC එකත් අත්සන් කරනවා. රනිල්වත් පාවා දෙමින් ඔබ ට්‍රැක් එක මාරු කලේ ජනතා විරෝධය හමුවේ ඇතිවුණු බය හින්ද. මහින්ද නොහිටින්න ඔබ රනිල් එක්ක මේ පින්බිම ඇමරිකාවට පාවා දෙන්නේ 2015 දීමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
