මහජන සෞඛ්‍යය සඳහා ආයෝජනය කරන ලෙස රටවලින් ඉල්ලා සිටින බවත්, මීළඟ වසංගතය සඳහා ලෝකය වඩා හොඳින් සූදානම් විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.
.නව කොරෝනා වෛරසය මේ වනවිට ගෝලීය වශයෙන් මිලියන 27.2කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ පළමු වැනි රෝගියා හඳුනාගත් දින සිට 890,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
"මෙය අවසාන වසංගතය නොවනු ඇති. ඉතිහාසය අපට උගන්වන්නේ මෙවැනි ඉස්මතුවීම් සහ වසංගතයන් ජීවිතයේ සත්‍යයක් බවයි. නමුත් ඊළඟ වසංගතය පැමිණෙන විට ලෝකය සූදානම් විය යුතුයි. මේ කාලයට වඩා බොහෝ සෙයින් සූදානම් විය යුතුයි." ටෙඩ්රොස් ප්රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා සිටියේය.