අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමට යන බවට වාර්තා පැතිරෙමින් යන බවත් ඔහු සිය ධුරයෙන් ඉවත්වෙනවානම් තමන්ට දැනුම් දෙන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ සිටිය යුතු බවත් ඔහු ඉවත්වීමට තීරණයක් ගත්තා නම් එය ඉවත් කළ යුතු බවයි.
"අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වෙන්න හදනවා. එතුමා යනවා. මහා ආන්දෝලනයක් පැතිරිලා යනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා යනවනම් අපිට කියලයි යන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එලවන්න හදන කුමන්ත්‍රණයක්ද දන්නේ නෑ කියන්නේ.
ඉල්ලා අස්වෙන්න තීන්දුවක් කරලා නෑ. අද රටේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. අපි නෑ කියන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට දියණු කරන්න උවමනාව තියෙනවා. මම හැමදාම මාධ්‍යයට කියන එකක්. එතුමා වටේ ඉන්න අයගේ දුර්වලතාවය නිසයි රට ගෙනියන්න බැරි. එක කේවට්ටයෙක් නම් දැනි බැහැරවේගය යන බව පේනවා.
තව ඉන්නවා. අයියා, මල්ලිලා දෙන්නා එකතුවෙලා ඩොලර් පස්සේ නොයා ඉදලා. මේ රට කරන්න දෙන්න නැති අයගේ හුවමාරුවක් කළා නම් මේ රට ගෙනියන්න පුළුවන් කම තියෙනවා. පොහොර පිළිබඳව එක කේවට්ටයෙක් උපදෙස් දුන්නා. අන්තිමට ගොවි ජනතාවට එපා වෙන විදිහට කටයුතු කළා. අනිත් පැත්තෙන් ගෑස් පිළිබඳව. වෙන්න යන දේ වළක්වගන්න ඕන නම් මහින්ද මහත්තයා ගිහින් හරි යන්නේ නෑ.
මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕන. මහින්ද මහත්තයෝ ඔබතුමා යමිකිසි වෙලාවක කිසියම් හෝ තීන්දුවක් අරගෙන තියනවානම් වහාම ඒක අත්හරින්න. ගෝඨාභය ජනපතිතුමනි කේවට්ටයෝ ටික ඈත් කරන්න. සංශෝධනයක් කළොත් ඉලක්කය කරා ගමන් කරන්න පුළුවන්කම තිබෙනවා. හණමිටි බදාගෙන ගියොත් ඔබතුමාගේ ඉලක්කයත් අසාර්ථකයි. අපිත් විනාශයි. රටත් විනාශයි"
