මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 15 වැනි දිනය සඳහා අද (09දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,
අද අධිකරණ වල වගේම බන්දනාගාරවලත් විශාල තදබදයක් තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට ඇබ්බැහිවූවන් පිළිබඳව. ඒ වගේම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට සුවිශේෂි මධ්‍යස්ථාන කිහිපයක් පත්කරන්න හෝ දූපතක් අරගෙන හරි ඒ පුද්ගලයන් පුනරුත්තාපනය කිරීමට හැකි නම් එය ඉතාමත් ඵලදායකයි. තව සුවිශේෂී කාරණයක් තිබෙනවා මරණ දඬුවම පිළිබඳ. කුඩු ගහලා අහුවෙන තරුණ තරුණියන්ට නෙවෙයි. මහා පරිමාණයෙන් මේ රටට මත්ද්‍රව්‍ය ගෙන එන පුද්ගලයන් අපිට පේනවා. ඔවුන් අන්තිමට රිමාන්ඩ් බන්දනාගාරයට ඇවිත් එතැන සිටත් මත්ද්‍රව්‍ය විකුණනවා. ඇයි අපි කල්පනා කරලා මේ පාර්ලිමේන්තුව අඩුගානේ මේ මහා පරිමානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලලා මරන්නට තීරණය කළ යුතුයි. ඒක සමාජ අවශ්‍යතාවයක්. අද ලෝකයේ බොහෝ රටවල් වල ඒ දඬුවම දීලා තිබෙනවා. මේවා තමයි අපි කළ යුතු වැඩ. මහා පරිමානයේ ජාවාරම්කාරයෝ 10-15ක් මරණ දඬුවම දුන්නොත් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රවණතාවය ඉතාමත් අඩු වෙන්න පුලුවන්. යනුවෙන්ද සඳහන් කළේය.