ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අනුබද්ධ සමාගම් තුනක් ඈවර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව සී/ස ස්වභාවික සම්පත් කළමනාකාර සේවා (පුද්) සමාගම, සී/ස මහවැලි චෙන්චර් කැපිටල් (පුද්) සමාගම, සී/ස මහවැලි ඉංජිනේරු සේවා (පුද්) සමාගම යන සමාගම් ඈවර කිරීමට නියමිතය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.