පවතින වැසි තත්ත්වය නිසා කොත්මලේ ජලාශයේ දොරටු ස්වයං ක්‍රීයව විවෘත විය හැකි බවත්, මේනිසා මහවැලි ගඟ භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නුගවෙල, මහවතුර උලපත, වැලිගල, වැලිඔය, පේරාදෙණිය, පොල්ගොල්ල ප්‍ර‘දේශවල හා ගම්පොළ ප්‍ර‘දේශවල ජනතාව විශේෂ අවධානයකින් පසුවන ලෙස එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
117 දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම් දීමටත්, තොරතුරු ලබාගැනීමටත් හැකි බවද ඒ මහතා පවසා සිටියේය.