මහවැලි ගඟේ ගන්නෝරුව වරාතැන්න ප්රදේශයේ දිය නැමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලීසිය කියයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ හැටන් ආගරපතන ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
මොහු සිය මිතුරන් තිදෙනෙකු සමඟ සිය ඥාති නිවසකට පැමිණ ඇති අතර අද 16 දිනයේ මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී දියේ ගිලී අතුරුදහන්ව තිබේ.
මෙලෙස අතුරුදහන් වූ තරුණයා සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් කරුවන්ද දැඩි වෙහෙසක් දැරූ නමුත් අද සවස් වන තුරුත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ අතර හෙට දිනයේදී නැවත තරුණයා සෙවිමට පියවර ගනු ලැබ තිබේ.
මොහොමඩ් ආසික්