කුරුණෑගල සිට මහියංගණය දක්වා විනෝද චාරිකාවක පැමිණි තරුණයෙක් හා තරුණියක් මහවැලි ගගේ දියනෑමට ගොස් පෙරේදා (02) සවස 04ට පමණ දියේ ගිලීමෙන් තරුණිය මරණයට පත්ව තරුණයා මහියංගණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහියංගණ පොලිසිය පවසනවා.
මෙස් දියේ ගිලී ඇත්තේ වයස 18ක් වු කුරුණෑගල, කටුපොත හා තිරගම පදිංචි ඥාති තරුණයෙක් හා තරුණියකි. ඔහුන් එලෙස අනතුරට පත්ව ඇත්තේ මහියංගණ නගරයට ආසන්නයේ වු වේරගංතොට මහවැලි පාලම අසල දියනෑමට ගොස් ය.
කුරුණෑගල, තිරගම පදිංචි වයස 18ක් වු නෙත්මි නවෝදා ප්‍රතිකාර ලබාදීම සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඇයගේ ඥාති සහෝදරය කුරුණෑගල, කටුපොත පදිංචි වයස අවුරුදු 18ක් වු ඩිෂාන් කුඩාකුඹුරගේ තරුණයා මහියංගණය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ දැඩි අධික්ෂණට යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.
අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසලින් ගමන් ගත් පිරිස් හා මහියංගණ පොලිසියේ නිළධාරින් කඩිනමින් මැදිහත්ව දියේ ගිලී සිටි දෙදෙනා බේරා ගැනිමට දැඩි පරිශ්‍රමයක් යොදා ඇත. සංචාරකයන් සදහා දියනෑමට සුදුසු නොවන, සෑම වසරකම අනතුරු සිදුවන, මේ වන විටත් ජිවිත 30කට වැඩි ප්‍රමාණයක් බිලිගෙන ඇති ස්ථානයක මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර මහතා යටතේ මහියංගණ පොලිසියේ පොලිස් නිළධාරින් පරික්ෂණ සිදු කරති.
මහියංගණ - රංජිත් කරුණාවිර