මහව නගරයේ රාත්රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් එක් අයකුට පිහි ප්රහාරයක් එල්ල කල සැකකරුන් දෙදෙනෙකු මහව මුලස්ථාන පොලිසිය මගින් අද අලුයම අත්අඩංගුවට ගත් බව කියයි.
පිහි ප්රහාරයට ලක්වු පොලිස් සැරයන්වරයා හා තවත් පොලිස් සැරයන්වරයකු මහව මුලස්ථාන පොලිසිය විසින් 30 රාත්රියේ නගර සංචාර කටයුතු වෙනුවෙන් ආයුධ සහිත රාජකාරිවල යොදවා තිබු බව කියයි.
එසේ රාජකාරිවල නිරත වෙමින් සිටියදි රාත්රි 11 පමන දෙදෙනකු සැකකටයුතු අයුරින් වෙළද සැලක් ආසන්නයේ සැරිසරනු දැක එම ස්ථානයට පොලිස් නිලධාරින් පැමිනිමත් සමග මෙම සැකකරුවන් දෙදෙනා දෙපසට පලා ගොස් තිබේ.
පසුව පොලිස් නිලධාරින් පලා ගිය දෙදෙනා පිළිබදව සෝදිසි කිරිම් වල නිරත වෙමින් සිටියදි සැගවි සිටි එක් සැකකරුවකු එක වරම පොලිස් නිලධාරි වෙතට කඩා වැදි පිහි ප්රහාරයක් එල්ල කර ඇති බව කියයි.
පිහි ප්රහාරයට ලක්වු පොලිස් සැරයන්වරයා ආධාර ඉල්ලා කෑගසා ඇති අතර ඒ සමගම අනෙක් සැරයන්වරයා එම ස්ථානයට ක්ෂණිකව පැමිනිමත් සමග පිහි ප්රහාරය එල්ල කල සැකකරු හා අනෙක් සැකකරු පලා ගොස් ඇති බව කියයි.
පිහි ප්රහාරයට ලක්වු පොලිස් නිලධාරියා කඩිනමින් මහව රෝහලට ප්රථිකාර සදහා යොමු කර තිබු අතර රාත්රියේම නැවත නිකවැරටිය රෝහලට මාරුකර යවා තිබුනී.
නිකවැරටිය රෝහලේදී මෙම පොලිස් නිලධාරියා සැත්කමකට භාජනය කිරිමට නියමිතව ඇති බව රෝහල් බළධාරියකු පැවසිය.