වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයක උඩුමහලකින් බිමට වැටි කාන්තාවක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඊයේ (17) සවස් කාලයේදි මෙම අනතුර සිදුව ඇති බවටත් මියගොස් සිටි තැනැත්තිය අවුරුදු 41ක් වූ එම මහල් නිවාස සංකීර්ණයේම පදිංචිකාරියක බවද අනාවරණය වී ඇති අතර සිද්ධිය පිළිබඳ වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.