කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස හා වතු ආශ්‍රිතව අද දිනයේදී විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
වතු ආශ්රිත හා මහල් නිවාස ආශ්රිත ජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ඔහු පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා ඒ ඒ පොලීසි මගින් මගින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවත් ජනතාව හැකිතාක් තම නවසටම වී කටයුතු කරන ලෙසත් ඔහු පැවැසීය.
සමූහයක් ලෙස එක්වෙනවනම් අත්අඩංගුවට ගැනීමට සිදුවෙන බවත් ඔහු සඳහන් කළේය.