මහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් තවත් නිලධාරීන් පහළොස් දෙනෙකු ගෘහස්ථ නිරෝධායනයට ලක්කර ඇතැයිද පැවසේ.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත මහතා ,පාර්ලිමේන්තු වටරවුමේ ඉකුත්දා පැවති උද්ඝෝෂණයක් අතරතුර දී අනතුරකට ලක් වීමෙන් පසුව, පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස , වැඩ බැලූ පොලිස් පරීක්ෂකවරයා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති වරයා,ඇතුළු නිලධාරීන් දොළොස් දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ආසාදිත නිලධාරීන් අතර පොලිස් පරීක්ෂකවරයෙකු , උප පොලිස් පරීක්ෂක වරුන් සිවුදෙනකු , පොලිස් සැරයන්වරයකු, සහ පොලිස් කොස්තාපල්වරුන් හය දෙනෙකු වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි .
මෙලෙස පොලිස් නිලධාරීන් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් පොලිස් ස්ථානය මේ වනවිට සම්පූර්ණ විෂබීජහරණය ට ලක් කර ඇති බවද සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .