රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල නිවේදනය කරයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ සියලුම රෝගි සත්කාර සේවාවන් විවෘතව පැවතියද රෝගින් බැලිම සඳහා අමුත්තන් පැමිණිමේ වේලාවන් සිමා කිරිමට පියවර ගෙන තිබේ.
පැයක පමණ කාලයක් රෝගියා සමඟ සිටිම නොකළ යුතු බවද ඒම රෝහල් නිවේදනය කරයි.
අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සඳහන් කරන්නේ රෝහල් සියනවල පිරිස් අඩුකිරිම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත් රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගින් බැලිමට දිනක් තුළ ඒක් අමුත්තෙකු පමණක් පැමිණිමට අවස්ථාව දි ඇති බවත් රෝගියාට ලබාදෙන ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම නවතා දමා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.