මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා පසුගිය 04 දා සිට කළ පී.සී.ආර්. පරික්ෂණ 437 කින් මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 234 දෙනෙකු හදුනා ගෙන ඇති බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ පවසයි.
පිසිආර් පරික්ෂණයට ලක් කළ රැඳවියන් අතරින් අද දින කොරෝනා ආසාදිතයන් 35 හදුනා ගත් බවත් ඒ අතරම තවත් රැඳවියන් 75 දෙනෙකු පීසීආර් පරික්ෂණය සඳහා යොමු කළ බවද බන්ධනාගාර අධිකාරීවරයා පවසා සිටියේය.
ජාඇල තිස්ස කොටින්කඩුවවත්තල සරත් චින්තක