මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.