මහර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මහර බන්ධනාගාරයේ රැඳවියන් අද පස්වරුවේ ඇතිකළ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
“අද දින සවස් කාලයේ මහර බන්ධනාගාරයේ යම්කිසි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බවට වාර්තා වෙනවා. බන්ධනාගාර රැඳවියන් විසින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම මත බන්ධනාගාර නිලධාරීන් විසින් බලය භාවිත කර තිබෙනවා. එම බලය පාවිච්චි කිරීම මත එක් රැඳවියෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලබා ඇති රැඳවියන් රෝහල්ගත කර තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හා රාගම පොලිස් ස්ථානාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් පහක් යොමුකර තිබෙනවා.
විශේෂ කාර්ය බළකාක කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා තිබෙනවා. බන්ධනාගාර ආරක්ෂක වළල්ල නිර්මාණය කිරීම සඳහා ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ වන විට ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක පවත්වනවා.”