මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය සඳහා කමිටුවක් පත්කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න මහතා පවසයි.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපනය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන්ත ධනසිංහ මහතා එහි ලේකම් වෙයි.
අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන)රෝහන හපුගස්වත්ත මහතා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.
සිද්ධිය සඳහා පාදක වූ කරුණු, ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන්, ඒ සඳහා ත යුතු ක්‍රියාමාර්ග, මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ගතයුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් කමිටුව විසින් සතියක කාලයක් තුළදී අතුරු වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයාට ඉදිරිපත්කළ යුතු වෙයි. මාසයක් ඇතුළතදී කෙටිකාලීන හා දීර්ඝ කාලීනව ගත යුුතු ක්‍රියාමාර්ග පිළිබඳවද වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙයි.