මහර බන්ධනාගාර නිලධාරීන් විසින් පරිහනය කරන ලද බවට වාර්තා වී ඇති ගිනි අවි 53ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
විශේෂඥ මතයන් ලබාැනීමට මෙසේ ගිනි අවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවත් මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ 500කට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.