මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
මහර බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවත් ගිනි ගැනිමට ලක්වූ මහර බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලය හා ගබඩා සංකීර්ණයේ ගින්න පාලනය කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.