අගෝස්තු මස 05 දින පැවැත්වෙන මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට කොලඹ හා තදාසන්න ප්රසදේශවල සිට ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාවට ප්රකවාහණ පහසුකම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ප්රරවාහණ සේවා කළමනාකරණ අමාත්ය් මහින්ද අමරවීර ප්රරකාශ කළේය.
අමාත්‍යයවරයා මෙසේ කරුනු ඉදිරිපත් කළේ අද දින (22) පැවැති මාධ්යර හමුවක් අමතමිනි.
අගෝස්තු 03න සඳුදා දින පුරපසලොස්වක පොහෝ දිනය බැවින් දීර්ඝ නිවාඩුවක් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන නිසා ජූලි මස 31 දින කොළඹ නගරය හා තදාසන්න ප්රවදේශවල සිට ගම්බිම් බලා යන පිරිස වැඩි විය හැකිය. එම පිරිසට තදබදයකින් තොරව මෙන්ම කොවිඩ් 19 සම්බන්ධව සෞඛ්යු උපදෙස් අනුව ප්රඩවාහණ සේවා සැලසීම තම අරමුණබව ද අමාත්යොවරයා කීය.
ඒ් අනුව අමතර පුද්ගලික බස් රථ 600ක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු යොදා ඇති අතර ලංගම විසින් ඔවුන් සතු සියලුම බස් රථ ධාවනය සඳහා යොදවා තිබේ. එමෙන්ම ශ්රීු ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සියලුම දුම්රිය ධාවනය සඳහා යොදවන අතර ඇතැම් ගමනාන්තයන් දිර්ඝ කිරීමටත්, විශේෂ දුම්රිය කිහිපයක් අමතරව ධාවනය කිරීමටත් කටයුතු යොදා ඇත.
විශේෂයෙන් 2020.07.31 සිට අගොස්තු 04 දක්වා කාලය තුළ වැඩි පිරිසක් කොළඹින් බැහැර යාමටත්, එමෙන්ම අගෝස්තු 7-9 දක්වා කාලය තුළ ආපසු පැමිණීමටත් ඉඩකඩ පවතින හෙයින් එම කාලය තුළ තදබදයකින් තොරව මගි ජනතාවට ගමන් කිරීමට පොදු ප්‍ර වාහණ සේවා යොදවන බව අමාත්යලවරයා සදහන් කළේය.
ජාතික ගමනාගමන කොමිසම විසින් ක්රිවයාත්මක කර තිබෙන වැඩ පිලිවෙළ අතර නව බස් රථ සඳහා තාවකාලික බලපත් ලබා දීම, බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම් පොළ විෂබීජානුහරණය කිරීම, කාර්ය මණ්ඩල නිරන්තරයෙන් ප්රනවාහනය අධීක්ෂණය සඳහා යෙදවීම ද සිදු කිරීමට නියමිතය.
කෙසේ වුවද මෙවර මහමැතිවරණය හේතුවෙන් ගම්බිම් බලා යන පිරිස වැඩිවිය හැකි නිසා ඒ් සම්බන්ධව කල් තියාම සුදානම් වීමට පියවර ගන්නා ලෙස අමාත්යනවරයා ජාතික ගමනාගමන කොමිසම, ලංකාගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත් අමාත්යිවරයා කීය.
මෙමඅවස්ථාවට ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.