මෙරට පවතින දේශපාලන අරාජිකත්වය නැති කරමින් ස්ථිර දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරිම සදහා පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් අත්සන් දසලක්ෂයක් ලබා ගැනිමේ ජාතික වැඩ සටහනට සමගාමිව ගිනිගත්හේන නගරයේ අත්සන් ලබා ගැනිම අද ගිනිගත්හේන ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේදි සිදු කෙරිණි.
ඊට සමගාමිව විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වූ අතර එහිදි විරෝධතා කරුවන් වත්මන් කථානායක කරු ජයසුරිය මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්විම කඩිනමින් පාර්ලිමෙන්තු මහ මැතිවරණයක් පවත්වන ලෙසද ඉල්ලා සිටියහ.
මෙම විරෝධතාව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබූ අතර නාගරික මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර