කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සම්පුර්ණයෙන්ම පාලනය කිරිමෙන් පසු මහ මැතිවරණය කෙරෙහි අවධානය යොමු කරන බව මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ අද (17දා) නාවලපිටියේ පිහිටි ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු ඔහු කියා සිටියේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නිසා පක්ෂ භේදයකින් තොරව පිඩාවට පත් සියළුම පාර්ශවයන් වෙත රජය මගින් අදාළ දිමනාවන් ගෙවා ඇති බවයි.
විපක්ෂය මේ සම්බන්ධයෙන් නගන චෝදන පදනම් විරහිත බවද ඔහු පැවසිය.
මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පනවා ඇති ඇදිරි නිතිය ඉදිරි දින වලදි ක්‍රමක්‍රමයෙන් ලිහිල් කිරිමට රජය අවධානය යොමු වි ඇති බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින බවත් ඔහු පැවැසීය.