බිබිල පොලිස් බල ප්රදේශයේ බිබිලවත්ත 200 කොටසට පිවිසෙන මාර්ගයේ වැටී මියගොස් සිටි පුද්ගලයෙකු ඊයේ (29දා) බිබිල පොලීසිය සොයාගෙන ඇත.
මළසිරුර අසල බජාජ් වර්ගයේ යතුරුපැදියක්ද තිබී ඇත. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය මියගිය අය මැදගම අයිවෙල බද්දේකඩේ පදිංචි විශ්රාමික ගුරු උපදේශකවරයෙකු වන විජේකෝන් බණ්ඩා (63) නැමති අය බවට හඳුනාගෙන ඇත.
මෙම මරණය පිළිබඳව මහේස්ත්රාත් පරීක්ෂණය බිබිල මහේස්ත්රාත් චතුර අමරතුංග මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය බිබල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ සෙනරත් මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක