ලංකා දේශපාලන ඉතිහාසයේ මහනුවර දිස්ත්‍රික්කය ලැබු අති විශිෂ්ඨ ජයග්‍රහණය මෙවර මහ මැතිවරණයෙන් ලබාගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වි ඇති හිටපු රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (07) දින සිය ජයග්රහණයෙන් පසු නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති මාධ්‍යය හමුවකදිය.
මෙම මාධ්‍යය හමුවේදි අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.
ලංකානු දේශපාලනයේ මහනුවර දිස්ත්‍රික්කය ලබපු විශිෂ්ඨතම ජයග්‍රහණය මේ මැතිවරණයයි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලබා ගත්තේ වැඩි ජන්ද දෙලක්ෂ හතලිස් දහසක් , මන්ත්‍රි ආසන 8 ක් . තව ජන්ද හයදහසක් තිබුණා නම් මන්ත්‍රි ආසන 9 ක් ගන්න තිබුණා.
මහනුවර ජනතාවට මාගේ ස්තුතිය පුද කරනවා.
මේ රටේ ප්‍රථම වතාවට එක් පක්ෂයකට ආසන 150 කට ආසන්න ප්‍රමාණයක් ලබා දුන්නා , 2/3 බලයක් එක්ක.
කඩ වැටුණු රටේ අනාගතය ගොඩ ගන්න ජනාධිපතිතුමාට සහය දෙන්න තමයි ජනතාව අපිට මේ අවස්තාව ලබා දුන්නේ.
අපි මහනුවර ගොඩ නගන වැඩ පිලිවෙල දැන් දියත් කරනවා යනුවෙන් පැවසිය
ජායාරැප හා සටහන හැටන් රංජිත් රාජපක්ෂ
